
ජන ක්‍රීඩා විවේකය ගත කිරීමට පැරණි ජනයා විවිධ ක්‍රම භාවිතා කර අතර ඒ අතරින් ජන ක්‍රීඩාවට වැදගත් තැනක් හිමි වේ.ඔවුන් මේ තුළින් පාලුව ,කාන්සිය මකා ගත් අතර විනෝදයක්ද ලබා ගත්තහ . සිංහල අලුත් අවුරුද්ද හා බැඳුණු ජන ක්‍රීඩා ද බොහොමයක් දක්නට ලැබේ .ඔවුන් තමාගේ රැකියාව හා බැඳුණු ජන ක්‍රීඩා ද කරනු ලැබේ .ජන ක්‍රීඩා තුළින් මානසික සහනයද ඔවුන් බලාපොරොත්තු වේ.සිංහල අලුත් අවුරුදු සමයේ බාල,මහලු සියලු දෙනා එක් වී මේවා කරනු ලැබේ.මෙසේ කරනු ලබන ක්‍රීඩාවන්වල විස්තර කිහිපයක් පහත පරිදි දක්වාලිය හැකිය. ගෘහ ක්‍රීඩා නිවසක් තුළ හෝ ගොඩනැගිල්ලක කරනු ලබන ක්‍රීඩා මෙයට අයත් වේ.පංච කෙළිය,ඔළිද කෙළිය,නෙරෙන්චි ඇදීම ආදිය පෙන්වාදිය හැකිය. එළිමහන් ක්‍රීඩා රබන් ගැසීම ඔන්චිල්ලා පැදීම සාමූහික ක්‍රීඩා මේවර කෙළිය එලුවන් කෑම පංච කෙළිය ඔළිද කෙළිය යන ක්‍රීඩාව කරද්දී කවි ගායනයද කරනු ලැබේ.ඒවා ඔළිද කවි ලෙස හඳුන්වනුලැබේ. ඔළිද තිබෙන්නේ කොයි කොයි දේසේ ඔළිද තිබෙන්නේ බංගලි දේසේ ගෙනත් සදන්නේ කොයි කොයි දේසේ ගෙනත් සද...