ඉඟි වැකි
යම් කිසි අදහසක් රසවත් මෙන්ම අනිත් අයගේ අවධානය ලබා ගැනීම සඳහා ඉදිරිපත් කිරිම ඉඟි වැකි භාවිතා වේ.මේවා කෙටි වැකි විශේෂයකි.මේවා බොහෝ විට වචනයකට හෝ වචන දෙක,තුනකට සීමා වේ.මෙය එයට විශේෂිත වූ ලක්ෂණයකි.ඉඟි වැකි හා ප්රස්තා පිරුලු අතර යම් සමානකමක් දක්නට ලැබුනද ඉඟි වැකිවල අරුත හංගා කියයි.ඒ අනුව එහි වෙනස්කම හදුනාගත හැකිය.කතාබහේ දී මේව වැඩිපුර භාවිතා වේ.සමහර අවස්ථා වලදී කියන්න තියන දේ කෙලින්ම් කියන්නට නොහැකි වූ විට මෙසේ අරුත හංගා ප්රකාශ කරයි.
එවැනි ඉඟි වැකි කිහිපයක් පහත පරිදි දක්වාලිය හැකිය.
- අමු අපාය -ඉතා අපිරිසිදු තැන
- අහසේ තරු ගනිනවා -නිකරුනේ කාලය ගත කරනවා
- ඇඟ බේරා ගන්නවා-වරදකින් බේරීම
- උපාසක බළලා -බොරු හික්මීමක් පෙන්වන්නා
- එක හැලියේ බත් කෑ අය-එකට වාසය කල අය
- අන්දුන් කුන්දුන් වෙනවා -කලබලයට පත් වෙනවා
- අනූ නවයෙන් බේරුනා-කරදරයකි යන්තම් බේරුනා
- අතේ හිරි ඇර ගන්නවා -හොදටම පහර දුන්නා
- අං ඇවිල්ලා -උඩගු වීම
- කුඩම්මගේ සැලකිලි -ඉතා අඩු සැලකිලි
- ගල් පැලෙන බොරු-සිතා මතා කියන බොරු
- ගිනි බත් වීම -ගින්නෙන් විනාශ වීම.
- තරු පෙනුනා -එක් වරම දැඩි බියට පත් වීම
- ගොනාට අන්දලා-මෝඩ කරගෙන රවටා ගැනීම
- කොක් හඬලා සිනාසීම-මහ හයියෙන් සිනාසීම
Comments
Post a Comment