මම පමණයි කුකුළා 


දිනක් අදිකාරම් වරුන් අන්දරේව රැවටීමට රහසේ කතා කර ගත්හ.
"අපි අන්දරේ  සමඟ ගඟට නාන්නට යමු.කුකුල් බිත්තරයක් සඟවා ගොස් දිය යටට ගොස් හැමෝම බිත්තරය බැගින් රැගෙන එමු යයි"කතිකා කර ගත්හ.
අන්දරේටද නාන්නට යෑමට කතා කළ විට මේ ප්‍රයෝගය නොදත් නිසා ඔහුද යෑමට කැමති වේ.සියලු දෙනාම නෑමට ගඟට බැස්සහ.
"දිය  යට ගොස් කුකුල් බිත්තරය බැගින් ගෙන එන්නට පුලුවන් කාටදැයි" මහ අදිකාරම් විමසුවේ ය.
මට පුලුවන්,මට පුලුවන් කියමින් සියලු අදිකාරම් වරුන් දිය යටට ගියහ.මේ ප්‍රයෝගය නොදත් අන්දරේ ද "මට පුලුවන්"කිය දිය යටට ගියේ ය.
සියල්ලෝම දිය යටට ගොස් උඩ මතු වූයේ බිත්තරයක් සමගිනි.එවිටයි අන්දරේ ට තේරුම් යන්නේ මෙය සියලු දෙනාගේම උපායක් බව.
අන්දරේ කුකුළෙකු සේ අත් තටු දියෙහි ගසා
"කුක්කු.....කූ.....මම විතරයි මෙතන එකම කුකුළා අනිත් සේරම කිකිළියෝ "කියා කීවේය.
අදිකාරම්වරුන් සියලුදෙනාම මහත් ලැජ්ජාවට පත් වුවද ඔවුන් එය ගනන් නොගෙ,ඒ බව සඟවා සිනා විය.

Comments

Popular posts from this blog