වැඩි නුවණ
ගමරාලගේ මිදුලේ හැලියක් තිබුනේ ය.ගමරාලගේ එලුවෙකු මෙහි කිසිවක් ඇතැයි සිතා එයට ඔලුව දමා ඔලුව හැලිය ඇතුලේ හිර උනේ ය.මෙය දුටු ගමරාල හැලියෙන් ඔලුව ගලවන්න හැදුවද,එය කිරීමට නොහැකි විය.හැලිය බින්දොත් අපරාධ නිසා මෙයට ගුරු කමක් අසා ගන්නට මහ දැනමුත්තා ළගට ගියේ ය,
"එයා බලන්ට ඕනෑ"
කියා මහදැන මුත්තා පැවසුවේ ය.එසේ කියා ඇතාගේ පිටින් එය බැලීමට ගියේය.ඇතාව ගෙදර මිදුලට ගන්න් බැරි වූ නිසා තාප්පය කඩා දමා මිදුලට ඇතා ගත්තේ ය.
"මෙයට මම හොඳ විසදුමක් දෙන්නම්"
කිය මහ දැනමුත්තා පවසා ,එලුවාගේ බෙල්ල කැපීමට තීරණය කළේය.
"හැලියට වැටුනු ඔලුව ගන්නේ කෙසේද?" ගමරාල ඇසීය.
"ඒකවත් තේරෙන්නේ නැද්ද?" කියා අසා හැලිය බිදීමට ගමරාලට කීවේය.ගමරාලද හැලිය බින්දේ ය.මෙසේ එක පාඩුවක් කර ගැනීමට අකමැති වූ ගමරාලට පාඩු තුනක්ම සිදු විය.
"මම නැතිනම් උඹලාට කිසි දෙයක් කර ගන්න බෑ" කියමින් මහ දැනමුත්තා ගියේ ය.
Woow...
ReplyDelete