ජන ක්‍රීඩා විවේකය ගත කිරීමට පැරණි ජනයා විවිධ ක්‍රම භාවිතා කර අතර ඒ අතරින් ජන ක්‍රීඩාවට වැදගත් තැනක් හිමි වේ.ඔවුන් මේ තුළින් පාලුව ,කාන්සිය මකා ගත් අතර විනෝදයක්ද ලබා ගත්තහ . සිංහල අලුත් අවුරුද්ද හා බැඳුණු ජන ක්‍රීඩා ද බොහොමයක් දක්නට ලැබේ .ඔවුන් තමාගේ රැකියාව හා බැඳුණු ජන ක්‍රීඩා ද කරනු ලැබේ .ජන ක්‍රීඩා තුළින් මානසික සහනයද ඔවුන් බලාපොරොත්තු වේ.සිංහල අලුත් අවුරුදු සමයේ බාල,මහලු සියලු දෙනා එක් වී මේවා කරනු ලැබේ.මෙසේ කරනු ලබන ක්‍රීඩාවන්වල විස්තර කිහිපයක් පහත පරිදි දක්වාලිය හැකිය. ගෘහ ක්‍රීඩා නිවසක් තුළ හෝ ගොඩනැගිල්ලක කරනු ලබන ක්‍රීඩා මෙයට අයත් වේ.පංච කෙළිය,ඔළිද කෙළිය,නෙරෙන්චි ඇදීම ආදිය පෙන්වාදිය හැකිය. එළිමහන් ක්‍රීඩා රබන් ගැසීම ඔන්චිල්ලා පැදීම සාමූහික ක්‍රීඩා මේවර කෙළිය එලුවන් කෑම පංච කෙළිය ඔළිද කෙළිය යන ක්‍රීඩාව කරද්දී කවි ගායනයද කරනු ලැබේ.ඒවා ඔළිද කවි ලෙස හඳුන්වනුලැබේ. ඔළිද තිබෙන්නේ කොයි කොයි දේසේ ඔළිද තිබෙන්නේ බංගලි දේසේ ගෙනත් සදන්නේ කොයි කොයි දේසේ ගෙනත් සද...
Posts
- Get link
- X
- Other Apps
ඉඟි වැකි යම් කිසි අදහසක් රසවත් මෙන්ම අනිත් අයගේ අවධානය ලබා ගැනීම සඳහා ඉදිරිපත් කිරිම ඉඟි වැකි භාවිතා වේ.මේවා කෙටි වැකි විශේෂයකි.මේවා බොහෝ විට වචනයකට හෝ වචන දෙක,තුනකට සීමා වේ.මෙය එයට විශේෂිත වූ ලක්ෂණයකි.ඉඟි වැකි හා ප්‍රස්තා පිරුලු අතර යම් සමානකමක් දක්නට ලැබුනද ඉඟි වැකිවල අරුත හංගා කියයි.ඒ අනුව එහි වෙනස්කම හදුනාගත හැකිය.කතාබහේ දී මේව වැඩිපුර භාවිතා වේ.සමහර අවස්ථා වලදී කියන්න තියන දේ කෙලින්ම් කියන්නට නොහැකි වූ විට මෙසේ අරුත හංගා ප්‍රකාශ කරයි. එවැනි ඉඟි වැකි කිහිපයක් පහත පරිදි දක්වාලිය හැකිය. අමු අපාය - ඉතා අපිරිසිදු තැන අහසේ තරු ගනිනවා - නිකරුනේ කාලය ගත කරනවා ඇඟ බේරා ගන්නවා- වරදකින් බේරීම උපාසක බළලා - බොරු හික්මීමක් පෙන්වන්නා එක හැලියේ බත් කෑ අය- එකට වාසය කල අය අන්දුන් කුන්දුන් වෙනවා - කලබලයට පත් වෙනවා අනූ නවයෙන් බේරුනා- කරදරයකි යන්තම් බේරුනා අතේ හිරි ඇර ගන්නවා - හොදටම පහර දුන්නා අං ඇවිල්ලා - උඩගු වීම කුඩම්මගේ සැලකිලි - ඉතා අඩු සැලකිලි ගල් පැලෙන බොරු -සිතා මතා කියන බොරු ගිනි බත් වීම...
- Get link
- X
- Other Apps
මම පමණයි කුකුළා දිනක් අදිකාරම් වරුන් අන්දරේව රැවටීමට රහසේ කතා කර ගත්හ. "අපි අන්දරේ සමඟ ගඟට නාන්නට යමු.කුකුල් බිත්තරයක් සඟවා ගොස් දිය යටට ගොස් හැමෝම බිත්තරය බැගින් රැගෙන එමු යයි"කතිකා කර ගත්හ. අන්දරේටද නාන්නට යෑමට කතා කළ විට මේ ප්‍රයෝගය නොදත් නිසා ඔහුද යෑමට කැමති වේ.සියලු දෙනාම නෑමට ගඟට බැස්සහ. "දිය යට ගොස් කුකුල් බිත්තරය බැගින් ගෙන එන්නට පුලුවන් කාටදැයි" මහ අදිකාරම් විමසුවේ ය. මට පුලුවන්,මට පුලුවන් කියමින් සියලු අදිකාරම් වරුන් දිය යටට ගියහ.මේ ප්‍රයෝගය නොදත් අන්දරේ ද "මට පුලුවන්"කිය දිය යටට ගියේ ය. සියල්ලෝම දිය යටට ගොස් උඩ මතු වූයේ බිත්තරයක් සමගිනි.එවිටයි අන්දරේ ට තේරුම් යන්නේ මෙය සියලු දෙනාගේම උපායක් බව. අන්දරේ කුකුළෙකු සේ අත් තටු දියෙහි ගසා "කුක්කු.....කූ.....මම විතරයි මෙතන එකම කුකුළා අනිත් සේරම කිකිළියෝ "කියා කීවේය. අදිකාරම්වරුන් සියලුදෙනාම මහත් ලැජ්ජාවට පත් වුවද ඔවුන් එය ගනන් නොගෙ,ඒ බව සඟවා සිනා විය.
- Get link
- X
- Other Apps
කලුවා මාරපන් ගියා වගේ මෙය ප්‍රස්තා පිරුලකි.අතීතයේ සිට පැවත එන ජන ජීවිතයේ අත්දැකීම් පාදක කරගනිමින්.ප්‍රස්තාව පිරුලු යන්න ආරම්භ වී ඇත.මෙය මුඛ පරම්පරාගතව අද දක්වා පැමිණ ඇත, අතීතයේ ඉහළ පැළැන්තියේ නිවසක කලුවා නමින් කොල්ලෙක් සිටියේ ය.ඔහු එම නිවසේ වැඩට සිටි කෙනෙකි .ඔහු ගෙදර ස්වාමියාට කීකරුව සිටියේ ය.මේ කලුවා තරමක මෝඩ පහේ කෙනෙකි.නිවසේ ස්වාමියට දිනක් යම් උවමනාවකට කලුවාව මාරපන් යැවීමට උවමනා විය.ඒ සඳහා ඊට පසු දින කලුවා යැවීමට සිතා පෙරදින රාත්‍රියේ කලුවාට මෙසේ කීවේය. "කලුවෝ උඹ නිදාගනින් හෙට උඹ රැයින් මාරපන් ගිහින් එන්න ඕන." මේ අසා කලුවා රෑ නිදා ගත්තේය. ඊට පසු දින කලුවා උදෙන්ම නැගිට මාරපන් බලා පිටත් විය.උදේ නැගිටි ස්වාමියා කලුවාව මාරපන් යැවීමට ඔහුව හැමතැනම සෙවුවද කලුවා සිටියේ නැත.බොහෝ වේලාවකට පසු දාඩිය දමමින් කලුවා නිවසට දුවගෙන ආවේ ය. "කලුවෝ උඹ කොහෙද ගියේ?" "මන් මේ උදේම මාරපන් ගියා" කිය කලුවා පැවසුවේය. මාරපන් යෑමට කී නිසා කලුවා උදේම මාරපන් ගොස් ඇත.එහෙත් හරිහැටි කාරණය නොදැන ගොස් ඇත. යම් කෙනෙක් කුමක් හෝ දෙයක් හරි හැටි නොදැන කරන අවස්ථාවක දී ම...
- Get link
- X
- Other Apps
වැඩි නුවණ ගමරාලගේ මිදුලේ හැලියක් තිබුනේ ය.ගමරාලගේ එලුවෙකු මෙහි කිසිවක් ඇතැයි සිතා එයට ඔලුව දමා ඔලුව හැලිය ඇතුලේ හිර උනේ ය.මෙය දුටු ගමරාල හැලියෙන් ඔලුව ගලවන්න හැදුවද,එය කිරීමට නොහැකි විය.හැලිය බින්දොත් අපරාධ නිසා මෙයට ගුරු කමක් අසා ගන්නට මහ දැනමුත්තා ළගට ගියේ ය, "එයා බලන්ට ඕනෑ" කියා මහදැන මුත්තා පැවසුවේ ය.එසේ කියා ඇතාගේ පිටින් එය බැලීමට ගියේය.ඇතාව ගෙදර මිදුලට ගන්න් බැරි වූ නිසා තාප්පය කඩා දමා මිදුලට ඇතා ගත්තේ ය. "මෙයට මම හොඳ විසදුමක් දෙන්නම්" කිය මහ දැනමුත්තා පවසා ,එලුවාගේ බෙල්ල කැපීමට තීරණය කළේය. "හැලියට වැටුනු ඔලුව ගන්නේ කෙසේද?" ගමරාල ඇසීය. "ඒකවත් තේරෙන්නේ නැද්ද?" කියා අසා හැලිය බිදීමට ගමරාලට කීවේය.ගමරාලද හැලිය බින්දේ ය.මෙසේ එක පාඩුවක් කර ගැනීමට අකමැති වූ ගමරාලට පාඩු තුනක්ම සිදු විය. "මම නැතිනම් උඹලාට කිසි දෙයක් කර ගන්න බෑ" කියමින් මහ දැනමුත්තා ගියේ ය.